ඔව් සර් Fail...
Fail ද? Fail ද?
අයේ පාරක් කරමුනේ?
අහලා උත්තර දීලම හෙම්බත් වෙලාද?
O/L Results වලින් සෑහීමකට පත්වෙන්න බැරිද? A/L results මදිද?
ලංකාවේ ශිෂ්‍ය සමාජය තුළ දැවෙන ප්‍රශ්නයක් වෙලා. හැමෝම කියෙනවා ඔයා Fail කියලා Fail කියන හැමෝම Pass උනාට ජීවිතේ දිනලා නෑ ඒ හින්දා ඔහම්ම නවතින්න විනාඩි දෙකක් අරන් කියවන්න. ඔයාගේ තරුණ කාලේ ගොඩාක් වටිනවා රටේ තියෙන වාතාවරණයත් එක්ක අයේ පාරක් A/L කරලා ඒකට වියදම් කරලා මාස 10ක් Results එනකම් බලන් ඉන්නවාට වඩා ඔයාට ඔයාගේ Skills හදාගෙන, දියුණු කරගෙන Job Market එකට enter වෙන්න පුලුවන් හැබැයි කටින් ලේසියට කිව්වට ලේසියෙන්ම බෑ කැපවීමක් තියෙන්න ඕනේ, දියුණු වෙන්න skills හදාගන්න උණක් තියෙන්න ඕනේ.
ලංකාවේ ප්‍රචලිත නොවුනාට ලෝකයේ රටවල් බහුතරයක එයිනුත් දියුණු රටවල් වල හොදම Market එක තියෙන්නේ Skills වලට තේරෙන්න කිව්වොත් නිපුණතාවයට. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ වෘත්තීය පුහුණුව නැත්තම් Vocational Training කියලා කාණ්ඩයක් තියෙනවා . ඒ ක්ෂේත්‍රයේ අපි නොහිතෙන පැති රාශියකට විහිදෙනවා අපේ සමාජයේ ඒ සම්බන්ධව තියෙන දැනුවත් බව අඩුයි. ඔයාගේ skills එක්ක පිළිගත් සුදුසුකමක් NVQ එක්ක ජොබ් මාර්කට් එකට එන්න පුලුවන් ලෝකයේ හොදම ජොබ් මාර්කට් එකක් තියෙන ලංකාවේ මිනිස්සු කතා නොවෙන ක්ෂේත්‍ර ගොඩාක් තියෙනවා සරලව කිහිපයක් සටහන් කරොත්.
Barista, Automobile Mechanic, Care Giver, Plumber, Cookery etc..මේවගේ ලියාගෙනම යන්න පුලුවන් ලංකාවේ තාක්ෂණික විදුහල් වලින් ඔයාලට ඔයාගේ skills එක්ක වෘත්තීය ගමන හදාගන්න පුලුවන්.
ලංකාවේ මේ Niche මාර්කට් එකට පිළිගැනීම අඩුයි සරලව කිව්වොත් Qualified Automobile Mechanic කෙනෙක්ට ලංකාවේ බහුතරයක් කියන්නේ මජං කාරයා, ගරජ් කාරයා කියලා Qualified Chief කෙනෙක්ට අපෝ කෝකියෙක් නේ කියාඅ කියන්නේ හැබැයි එයාගේ Skills වලට Europe, Middle East වගේ රටවල් වල පුළුල් පරාසයක මාර්කට් එකක් තියෙනවා ඔව් skilled based jobs වලට හිතාගන්න බැරි තරමක ජොබ් මාර්කට් එකක් තියෙනවා ගැටලුවට තියෙන්නේ ලංකාවේ සමාජයේ දැනුවත්භාවය අඩුයි ක්ෂේත්‍රයන් කිහිපයට රාමුවෙලා ඉන්නේ රාමුවෙන් ඔබ්බට යන්න Skills හදාගන්න ඔයාගේ ජීවිතේ ගොඩදගන්න Skilled base jobs වලට තියෙන Migration options අපි හිතනවාට වඩා වැඩි ඉතින් තියෙන සම්පත් වලින් ලැබෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය ගන්න.
ඔයාට වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැන ගැනීමට කැමති නම් තෘතීය හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට යන්න නොයෙකුත් ක්ෂේත්‍රයන් ඔස්සේ ඔයාගේ වෘත්තීමය ගමන හදාගන්න පුලුවන්.
සාර්ථකත්වය A/L හෝ O/L වලින් අවසන් වෙන්නේ නෑ ලංකාවේ තාක්ෂණික පාසල් පාළු නොකරා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. තීරණය ඔයාලගේ.


No comments:
Post a Comment